රජයේ සේවකයන්ගේ වැටුප පෞද්ගලික තොරතුරක් නොවේ

රජයේ සේවකයන්ගේ වැටුප පෞද්ගලික තොරතුරක් නොවේ
රජයේ හෝ සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන නිලධාරියකුට ගෙවන වැටුප් සහ දීමනා තොරතුරු පනතේ 5 (1) (අ) යටතට ගැණෙන පෞද්ගලික තොරතුරක් නොවන බව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව තීරණය කළේය.

කොමිෂන් සභාව මේ ගැන තීරණය කළේ බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට එම විශ්ව විද්‍යාලයේම ජී යූ එම් කූරගල නම් අභියාචකයකු යොමු කළ තොරතුරු ඉල්ලීමකට අදාල අභියාචනයකදීය.

එම විශ්ව විද්‍යාලයේ කළමනාකාර සහකාර තනතුරකට බඳවා ගත් නිලධාරිනියකට ගෙවන ලද වැටුප් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලමින් මෙම තොරතුරු ඉල්ලීම යොමු කර තිබිණි. කෙසේ වෙතත් පනතේ 5 (1) (අ) යටතට ගැණෙන පෞද්ගලික තොරතුරක් බව කියමින් විශ්ව විද්‍යාලය එම තොරතුරු ලබාදී තිබුණේ නැත.

ඒ සම්බන්ධයෙන් කොමිසමේදී පැවැති අභියාචනා විභාගයේදී තොරතුරු කොමිසම ප්‍රකාශ කළේ රජයේ හෝ සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන නිලධාරියකුට ගෙවන වැටුප් සහ දීමනා තොරතුරු පනතේ 5 (1) (අ) යටතට ගැණෙන පෞද්ගලික තොරතුරක් නොවන බවයි. එසේ හෙයින් එම තොරතුරු මුදා හැරින ලෙස කොමිසම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *