තොරතුරු ඉල්ලන්න බය වෙන්න එපා

තොරතුරු දැන ගැනීම ඔබේ අයිතියකි.

තොරතුරු ඉල්ලන්න හේතුව ඔබෙන් විමසන්න කිසිම නිලධාරියකුට හැකියාවක් නැත.
බය නැතුව තොරතුරු ඉල්ලන්න...

තොරතුරු පනතේ ගමන් මග

1994
තොරතුරු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ‘ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රතිපත්තිය’ පිළිබඳ කැබිනට් පත‍්‍රිකාවේ තොරතුරු අයිතිය ගැන සඳහන් විය.
1995
මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් ලබාදීම සඳහා ජනමාධ්‍ය හා සංචාරක ඇමැතිවරයා පත්කරන ලද නීතීඥ ආර්.කේ.ඩබ්. ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් උපදේශක කමිටුව තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳව පනතක් ගෙන ඒම සුදුසු බවට යෝජනා කළේය.
1996
ශ‍්‍රී ලංකා නීති කොමිසම විසින් තොරතුරු සඳහා ප‍්‍රවේශය පිළිබඳ පනත් කෙටුම්පතක් සකස් කරන ලදී.
2002 - 2003
වසර වලදී වසරේ දී කතෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව තොරතුරු ලබා ගැනීමේ නිදහස පිළිබඳව පනත් කෙටුම් පතක් ඉදිරිපත් පකළේය.
2004
තොරතුරු ලබා ගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පතකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි.
2006
ශ්‍රී ලංකා නීති කොමිසම දෙවැනි වරටත් තොරතුරු සඳහා ප්‍රවේශවීම පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය.
2009
අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ තොරතුරු අයිතිය ගැන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළ අතර මීට පෙර ඉදිරිපත් වූ කෙටුම්පත්ද අධ්‍යයනය කරමින් පනත් කෙටුම්පතක් සකස් කෙරෙණි.
2010
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. කෙසේ වෙතත් මෙම පනත ආණුඩුවෙන් ගෙන එන බැවින් විපක්ෂ මන්ත්‍රීගේ පනත් කෙටුම්පත සම්මත නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ කරුණතු සමග පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නොහැකි විය.
2011
ආණ්ඩුව පොරොන්දු වූ පරිදි තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්බන්ධ පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළ නිසා කරු ජයසූරිය මහතා නැවත වරක් 2011 ජුනි මාසයේදී යළිත් වරක් තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි විය. පනතට පක්ෂව ඡන්ද 32ක් ලැබෙද්දී පනතට විරුද්ධව ඡන්ද 99ක් ලැබිණි. මන්ත්‍රීවරු 93ක් පාර්ලිමේන්තුවේ නොසිටියහ.
2015
තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මූලික අයිතිවාසිකමක් බවට පත් විය.
2016
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය. සැප්තැම්බර් 30 වැනිදා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව සඳහා මුල්වරට කොමසාරිස්වරුන් පත් කරනු ලැබිණි.
2017
පෙබරවාරි මස 03 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් පසු තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ඇරැඹිණි.
2021
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ දෙවැනි කාලයක සඳහා කොමසාරිස්වරුන් පත් කරනු ලැබිණි.

ආණ්ඩුවේ අමාත්‍යංශ සහ ඒ යටතේ ඇති ආයතන 467කින් 78කට වෙබ් අඩවි නෑ..

කඳුළු ගෑස් මිලදී ගැනීම් ගැන සහ කල් ඉකුත්වූ කඳුළු ගෑස් එල්ල කිරීම ගැන පොලිසිය මෙතෙක් ලබා දුන් පරස්පර තොරතුරු

පොදු අධිකාරීන්වල ප්‍රායෝගික හැසිරීම තොරතුරු ඉල්ලීම් 71ක් ඇසුරෙන්

පර්යේෂණයේ ප්‍රතිඵල කෙටියෙන්
0
තොරතුරු ඉල්ලීම් ගණන
0
තොරතුරු ලැබීම්
0
නම් කළ නිලධාරියාට අභියාචනා
0
ප්‍රතිචාර ​
0
කොමිසමට අභියාචනා​
0
කොමිසමේ විභාගය අවසන් කළ​

තොරතුරු පනත ගැන ජනමාධ්‍යවල අවධානය ලැබුණු අවස්ථා

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ වසර 10කදී කඳුළු ගෑස් භාවිතාව සම්බන්ධයෙන් මාස 10ක්…

Read more

වසර හතරක් තිස්සේ එළියට නොදා තබාගෙන සිටි පාස්කු ප්‍රහාරය ගැන…

Read more