ලිට්‍රෝ සමාගම තොරතුරු පනත යටතට

ලිට්‍රෝ සමාගම තොරතුරු පනත යටතට
තොරතුරු පනත යටතට ගැණෙන ආයතනයක් නොවන බව කියමින් ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය කාලයේදී දිගින් දිගටම තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත. ඩබ්ලිව් කේ එස් කරුණාරත්න මහතා ද ලිට්‍රෝ ගෑස් ආයතනයට 2021 පෙබරවාරි මස 24 වැනිදා තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් ලිට්‍රෝ ආයතනයේ සභාපති ඇතුළු ප්‍රධාන තනතුරුවලට අදාල වැටුප් සහ දීමනා ඇතුළු තොරතුරු කිහිපයක් ඉල්ලුම්කර තිබිණි. කෙසේ වෙතත් එම තොරතුරු ලබාදී තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට අභියාචනයක් කිරීමෙන් පසු පැවැති අභියාචනා විභාගයේදී ලිට්‍රෝ ආයතනය තර්ක කළේ තමන් තොරතුරු පනත යටතට ගැණෙන ආයතනයක් නොවන බවයි.

කෙසේ වෙතත් දීර්ඝ අභියාචනා විභාගයකින් පසු තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව තීරණය කළේ ලිට්‍රෝ ආයතනය තොරතුරු පනත යටතට වැටෙන ආයතනයක් බවයි. ඉල්ලා සිටි තොරතුරු නිකුත් කරන ලෙසත්, එලෙස නිකුත් නොකළහොත් ලිට්‍රෝ ආයතනයට සහ එහි තොරතුරු නිලධාරියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බවත් කොමිෂන් සභාව දැනුම් දුන්නේය.

ඒ අනුව දැන් ඕනෑම පුරවැසියකුට ලිට්‍රෝ ආයතනයට තොරතුරු ඉල්ලීම් යොමු කිරීමට අවස්ථාව ඇත.

ඊට අදාලව තොරතුරු කොමිසම නිකුත් කළ නියෝගය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *