අපි ගැන

+
අයදුම්පත්‍ර
+
කොමිසමට අභියාචනා
සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජය සහ සාමයික කේන්ද්‍රය 1971 හි පිහිටුවන ලද්දේ දිවංගත තිස්ස බාලසූරිය පියතුමා විසිනි. වර්තමානයේ එහි විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ රොහාන් සිල්වා පියතුමන්ය.

සමාජය සහ සාමයික කේන්ද්‍රය (සීඑස්ආර්) ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් විවිධ වැඩසටහන් සිදු කරන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ද විවිධ වැඩසටහන් සිදුකරගෙන යයි. එහි පර්යේෂණ කණ්ඩායම නීතිඥවරුන්ගෙන්, ජනමාධ්‍යවේදීන්ගෙන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ගෙන් සමන්විතය. මහජන වැදගත්කමක් සහිත සිදුවීම්වලට අදාල තොරතුරු ලබා ගැනීම සඳහා පර්යේෂණ කණ්ඩායම මේ වන විට තොරතුරු දැන ගැනීමේ අයදුම්පත්‍ර 80ක් පමණ යොමු කර තිබේ. ඊට අදාලව මේ වන විට තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනා 15ක් පමණ යොමු කර ඇත.
තොරතුරු පනත අනුව ලැබුණු තොරතුරු මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම, නඩු කටයුතු, ජනමාධ්‍ය කටයුතු, වෘත්තීය සමිති කටයුතු ආදියට භාවිත කර ඇති අතර එමගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පිටිවහලක් වී තිබේ. ඉන් එහා ගොස් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි පොදු අවකාශයකට ඇතුළත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කරන අතර අපට ලැබෙන තොරතුරු ලැබෙන පිළිවෙළට මෙම වෙබ් අඩවියේ ඇතුළත් කරනු ඇත. ඊට අමතරව තොරතුරු අයිතිය නිසා ලැබෙන ජයග්‍රහණ ගැනත්, තොරතුරු කොමිෂන් සභාවේ වැදගත් තීන්දු ගැනත් මෙම වෙබ් අඩවියේ පළ කිරීමට බලාපොරොත්තු වෙමු.

ඔබට තොරතුරු පනත භාවිත කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් ඇත්නම්, තොරතුරු පනත මගින් ලබාගත් ජයග්‍රහණ ඇත්නම් හෝ පනත භාවිත කර ලැබුණු තොරතුරු ඇත්නම් අපට ලබා දුනහොත් එම සියලු තොරතුරු ද සෙසු පුරවැසියන්ගේ දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියේ පළ කළ හැකිය.

අප හා සම්බන්ධ විය හැකි ආකාරය.

ලිපිනය

සමාජය හා සාමයික කේන්ද්‍රය (සී.එස්.ආර්),
281, ඩීන්ස් පාර, කොළඹ 10.

ඊමේල්

[email protected]

වට්ස්ඇප්

0777 66 14 17

දුරකතන

0112 695 425

ඡායාරූප පෙළ