එක රටක් එක නීතියක් වාර්තාව මුදා හැරේ

එක රටක් එක නීතියක් වාර්තාව මුදා හැරේ

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ප්‍රධානත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ පසුගිය සතියේ මුදා හරිනු ලැබීය.

ජනමාධ්‍යවේදියකු විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාලව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ දී මෙම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේ දි ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අදාල වාර්තාව මුදා හැරීම සිදු විය.

එලෙස මුදා හැරි සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.