මහින්දගේ ඉතාලි ගමන ගැන තොරතුරු කොමිසමේදී එළියට – RTIC App/No : 513/2022

මහින්දගේ ඉතාලි ගමන ගැන තොරතුරු කොමිසමේදී එළියට – RTIC App/No : 513/2022
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී 2019 සැප්තැම්බර් 11 වැනිදා ඉතාලියේ සංචාරයකට ගිය අතර එම සංචාරයට අදාල විස්තර ඉල්ලමින් මාධ්‍යවේදී දිලිප් අමුදන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි. එම තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතල අගතිදායක වන අවස්ථාවක් බව සඳහන් කරමින් තොරතුරු පනතේ පස් වැනි වගන්තිය යටතේ තොරතුරු නිලධාරියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඊට අදාලව නම් කළ නිලධාරීට අභියාචනා කළ ද නිශ්චිත කාලයට ප්‍රතිචාර නොදැක්වීම නිසා මාධ්‍යවේදියා තොරතුරු කොමිෂන් සභාවට අභියාචනා කළේය. එම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී පොදු අධිකාරිය එනම් අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම තොරතුරු පනතේ පස් වැනි වගන්තියේ ඉහත සඳහන් කොටසට අදාල වන්නේ කෙසේද යන්න ලිඛිතව දැනුම් දෙන ලෙස කොමිසම නියෝග කළේය.

එම නියෝගයෙන් පසු ඊළඟ අභියාචනා දිනයේදී අදාල තොරතුරු මුදා හැරීමට පොදු අධිකාරිය එකඟ විය.

එම තීන්දුව පහත දැක්වේ. එම තීන්දුවට අදාල තොරතුරු මෙම වෙබ් අඩවියේ ලැබුණු තොරතුරු කොටසේ අන්තර්ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *