ගැලනිගම සිදුවීම දවසේ ඇත්තටම බෝම්බ හුවමාරුවක් වෙලා

ගැලනිගම සිදුවීම දවසේ ඇත්තටම බෝම්බ හුවමාරුවක් වෙලා

ගැලනිගම දී සැක කටයුතු ලොරියක් නිදහස් කරන ලෙස එවකට කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බලපෑම් කළැයි කියන දිනයේ දී පානදුර සහ කටුවාපිටිය ආරක්ෂිත නිවාස දෙකක් අතර බෝම්බ හුවමරුවක් සිදුවී ඇති බවට සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියාගේ සාක්කියෙන් අනාවරණය වන බව සමාජය හා සාමයික කේන්ද්‍රය සඳහන් කරයි.

එම කේන්ද්‍රය මේ බව සඳහන් කරන්නේ තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමිනි.

සම්පුර්ණ නිවේදන පහත දැක්වේ.