තොරතුරු නුදුන් ගුවන් හමුදාවට එරෙහිව පැමිණිලි

තොරතුරු නුදුන් ගුවන් හමුදාවට එරෙහිව පැමිණිලි

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පනතේ 39 වැනි වගන්තිය යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රය ඊයේ (02) තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

ගුවන් හමුදාවට අයත් යානාවලින් 2022 මාර්තු 31න් පසු අරගල සමයේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සංචාරවල වියදම් ඇතුළු විස්තර ඉල්ලමින් කළ තොරතුරු ඉල්ලීමට අදාලව මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

මෙම අභියාචනය විභාග කළ කොමිසම එම තොරතුරු 2023 අප්‍රේල් 28 වැනිදා ට පෙර මුදා හරින ලෙස තීන්දු කළ ද එම දිනය පසුවී ඇතත් ගුවන් හමුදාව මෙම තොරතුරු ලබා නොදීම නිසා මෙම පැමිණිල්ල යොමු කෙරිණි.

මෙම අභියාචනයට අදාලව කොමිසම දුන් තීන්දුව පහත දැක්වේ.

1134_2022

1134_2022