තොරතුරු නොදුන් ආයතන හතකට කොමිසමෙන් නඩු

තොරතුරු නොදුන් ආයතන හතකට කොමිසමෙන් නඩු

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ විභාගවූ අභියාචනාවලට අදාලව තීන්දු ක්‍රියාත්මක නොකළ ආයතන හතක නිලධාරීන්ට එරෙහිව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය, රාජකීය විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනය, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්ව විද්‍යාලය එම ආයතන හතයි.

අදාල ආයතන හතෙරහි අදාල නිලධාරීහු මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මේ වන විට ඇප මත සිටිති.

එම නඩුවලට අදාලව තොරතුරු කොමිසම ප්‍රසිද්ධ කළ විස්තර පහත දැක්වේ.